1. Guest ඔබ ශ්‍රී Mafia වෙත සාදරයෙන් පිලිගන්නවා.. අපත් සමග එකතු වී අලුත් දැනුම සොයා යන්න පෙළ ගැසෙන්න !!
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

Shortcut Virus

Discussion in 'White Hat Malware, Virus, and Rat Removal Help' started by Anon LK, Dec 24, 2016.

  1. Anon LK

    Anon LK New Member

    Joined:
    Dec 2, 2016
    Messages:
    16
    Likes Received:
    7
    [​IMG]
    Shortcut Virus කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. මේ thread එකෙන් අපි Shortcut Virus කියන්නෙ මොකක්ද කියල හා එය ඉවත් කරගන්නා ආකාරය කතාකරමු.
    මොකක්ද මේ Shortcut Virus කියන්නේ.
    Shortcut Virus කියන්නෙ virus(malware)එකක් , ඒකෙන් කරන්නෙ pen drive එකක හෝ වෙනත් drive එකක data shortcut
    ලෙස හන්ගන එක. මෙමගින් data වලට හානියක් නොවේ ඒවා අදාල drive එක තුල පෙන්වන්නේ shortcut ලෙසය. එහෙත් මෙලෙස බොහෝ කාලයක් පැවතුනොත්
    data වලට හානි වීම හෝ මැකී යාම විය හැක.

    කොහොමද මේ Virus එක අපේ පරිගනකයට එන්නෙ.
    1. internet එකෙන් download කරපු exe(excutble) file එකක් මගින්
    2. USB pen drive එකක් මගින් හෝ
    3. වෙනත් removable drive එකක් මගින්

    Shortcut Virus වර්ග
    මේ Virus වර්ග 3කට වර්ග කරනවා.
    1.Drive Shortcut Virus
    2.Folder Shortcut Virus
    3.File Shortcut Virus

    Drive Shortcut Virus
    [​IMG]
    මෙමගින් මුලු drive එකේම Shortcut එකක් නිර්මාණය කරනවා. මෙය pen drive එකකට පමනක්ම නෙමෙයි External Hard Disk එකකට
    මෙන්ම Internal Hard Disk එකකට උනත් වෙන්න පුලුවන්. මෙම වර්ගයේ Shortcut Virus අයත් වෙන්නෙ Trojan වලට. මෙම drive එකක්
    double click කර open කල විට මේ Virus එකට ඔබේ පරිගනකය spy කිරීමට හෝ password ආදිය හොරකම් කිරීමට හැකියව ලැබෙනවා.

    Folder Shortcut Virus
    [​IMG]
    මෙමගින් Folders වල මෙන්ම ඒවායේ අති files වලද Shortcut create කරනවා. මෙය Drive Shortcut Virus තරම් බලවත් නොවුනත්
    මෙය අනෙක් Folders වලට පැතිරීමට මෙන්ම මෙම Folders spy කිරීමට හෝ වෙනත් ඕනැම දෙයක් කල හැකියි.

    File Shortcut Virus
    [​IMG]
    මෙම Virus එකෙන් කරන්නෙ program files වල Shortcut හදන එක. මේවා අර දෙක තරම් බලවත් නොවේ. මෙමගින් හානි කල හැක්කෙ අදාල
    program එකට පමණි.

    මේ සියලුම Virus ක්‍රියා කරන ආකාරය එකිනෙකට වෙනස්‍ වේ.

    මේ Virus එකෙන් ආරක්ෂාවෙන්නේ කොහොමද

    1.removable drives insert කල විට auto-play enable කර ඇත්නම් disable කිරීම.
    2.USB drive එකක් open කරන විට double click නොකර right click කර open ලබා දීම.

    දැන් බල්මු Shortcut Virus අපේ පරිගනකයෙන් ඉවත් කරන්නෙ කොහොමද කියලා.
    මෙය ඉවත් කිරීමට පහසු විදිය තමයි USBfix Tool එක භාවිතා කිරිම. මෙය ඉතාමත් user friendly නිසා හා
    GUI(Graphical User Interface)එකක් ඇති නිසා පහසුවෙන් හා ඉක්මනින් මේ Virus එක ඉවත් කරන්න පුලුවන්. මෙය plug and play
    software එකක් වීම නිසා download>>open>>run කල හැකි වීම හා 3mb පමන කුඩා වීම මෙහි ඇති වාසි වේ.
    [​IMG]

    එහෙනම් මේ Tool එකෙන් කොහොමද Shortcut Virus එක ඉවත් කරන්නේ කියල බලමු.
    1.Download USBfix
    2.shortcut virus එක ඇති drive එක plug කරන්න
    3.Run USBfix
    4.Click Clean

    මෙය ඔබේ USB pen drive එකට copy කර තබාගන්න. 3mb නිසා එච්චර ලොකු file එකකුත් නෙමෙයිනෙ.

    එහෙනම් නැවත හමුවෙමු. ඔබට ජය!!!
    ‍‍
    ----Anon LK----
     
    #1
  2. Cyber C

    Cyber C New Member

    Joined:
    Jan 11, 2017
    Messages:
    2
    Likes Received:
    0
    අපේ pc එකේ වයිරස් එක තියේ නම් අයින් කරන්නේ කෝමද බං?
     
    #2
  3. Elite_x

    Elite_x Moderator
    Staff Member

    Joined:
    Oct 11, 2016
    Messages:
    55
    Likes Received:
    36
    hoda guard 1k use krnna. thawa meka nisa hide wena file "system file unhide" walin blaganna pluwan.
     
    #3
    Cyber C likes this.
  4. Master

    Master New Member

    Joined:
    Jan 12, 2017
    Messages:
    1
    Likes Received:
    0
    එල ඕක වින්දොව්ස් 10 වලට එන්නේ නැ නේද
     
    #4
  5. Cyber C

    Cyber C New Member

    Joined:
    Jan 11, 2017
    Messages:
    2
    Likes Received:
    0
    win 8 walatath oka weda karan nethida koheda bn
     
    #5
  6. MAtrix

    MAtrix New Member

    Joined:
    Jan 8, 2017
    Messages:
    22
    Likes Received:
    17
    attrib -h -r -s /s /d e:*.*
     
    #6

Share This Page