1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

HELP ඕනෑම දෙයක් ගෙදරට වෙලා ඉගෙන ගන්න පුළුවන් වෙබ් අඩවි 37ක්

Discussion in 'Other' started by SPEED, Oct 21, 2017.

Tags:
  1. SPEED

    SPEED නැගී එන සාමාජික

    Messages:
    115
    Likes Received:
    66
    ඕනෑම දෙයක් ගෙදරට වෙලා ඉගෙන ගන්න පුළුවන් වෙබ් අඩවි 37ක්
    ලෝකය මේ වන විට සියල්ල ඩිජිටල්කරනයට ලක් කරමින් සිටිනවා. ඔබ ඉගෙනීම වෙනුවෙන් කෙතරම් කැප කිරීමක් කරනවා ද ? ළමුන් දහස් ගණනක් සිටින පන්ති කාමර වල අපහසුතා, ඉගෙන ගැනීම වෙනුවෙන් පාරේ නාස්ති කරන කාලය ආදී සියල්ල එයට අයත් වෙනවා.

    අප අද ඔබට කියන්න යන්නේ ගෙදර ඉදන් ඉගෙන ගන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයක් පිළිබඳවයි. මෙම වෙබ් අඩවි හා යෙදවුම් වලින් බොහොමයක් නොමිලේම ඔබ වෙනුවෙන් සේවා සපයනවා. නිවසේ සිටම ඔබට මෙම වෙබ් අඩවි හරහා ඉගෙන ගත හැකියි. ඉතින් ඔබට මින්පසු ඉගෙනීම අතපසු වීම ගෙන නම් නිදහසට කාරණා කියන්නට හැකියාවක් ඇත්තේ නෑ.

    Online පාඨමාලාවක් කරමුද?

    edX – මෙය හරහා ඔබට ලොව හොදම විශ්ව විද්‍යාල වල පාඨමාලා හැදෑරීමේ හැකියාවක් පවතිනවා.

    Coursera  – ලොව හොදම පාඨමාලා නොමිලේම online ඉගෙන ගන්න මේ හරහා පුළුවන්

    Highbrow - මේ හරහා ඔබ ලඟටම දිනපතා පාඨමාලා ගෙන්වා ගත හැකි වෙනවා

    Skillshare – ඔබගේ නිර්මාණශිලිත්වය ඉහළ නංවන්නට මෙම වෙබ් අඩවිය උපකාරී වේවි

    Curious – මෙම වෙබ් අඩවිය ශ්‍රව්‍ය, දෘශ්‍ය පාඩම් මාලාවන් වලින් ඔබට දැනුම ලබා දෙනවා .

    lynda.com – මේ වෙබ් අඩවියෙන් තාක්ෂනය , නිර්මාණශිලිත්වය හා ව්‍යාපාරික දැනුම ඔබට ලබා ගත හැකි වෙනවා.

    CreativeLive – ලොව නිර්මානකරණයේ විශිෂ්ඨයන්ගෙන් නොමිලේම මේ හරහා ඉගෙන ගත හැකි වෙනවා

    Udemy – මෙම වෙබ් අඩවිය ඔබගේ කුසලතා (Skills) ඉහල දැමීමට මහෝපකාරී වේවි

    කේතකරණය Online ඉගෙන ගමුද ?

    Codecademy  – ඔබට මේ හරහා කේතකරනයේ අන්තර් ක්‍රියාව ඉගෙන ගැනීමට හැකි වේවි

    Stuk.io  – ඔබට මෙම වෙබ් අඩවිය හරහා කේතකරණය මුල සිටම ඉගෙන ගන්න පුළුවන්

    Udacity  – ඔබට මෙම වෙබ් අඩවිය මගින් ක්ෂෙස්ත්‍රයේ ප්‍රවීනයන්ගේ අනුමතියලත් කෙටි කාලීන පාඨමාලා වලට සම්බන්ධ විය හැකියි.

    Platzi  – මෙම වෙබ් අඩවිය සැලකෙන්නේ නිර්මාණකරණය, අලෙව්කරණය හා කේතකරණය පිළිබඳව සජීවී ව අධ්‍යාපනය ( Online Streaming) ලබා දෙන වෙබ් අඩවියක් ලෙසයි.

    Learnable  – වෙබ් අඩවි නිර්මාණය හා සංවර්ධනය පිළිබඳව මින් ඔබට තොරතුරු ලබා ගත හැකියි.

    Code School  – කේතකරණය පිළිබඳව ප්‍රායෝගිකව මේ තුලින් හදාරන්න හැකියාවක් පවතිනවා

    Thinkful  – මේ හරහා ඔබට ක්ෂෙස්ත්‍රයේ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්

    Code.org  – මුලික අදියරේ සිට සරල පාඩම්මාලා ඔබ වෙනුවෙන් ඔවුන් සුදානම් කර තිබෙනවා

    BaseRails  – Ruby on, Rails ඇතුළු තවත් වෙබ් තාක්ෂණ ක්‍රමයන්ගේ ප්‍රවීනයෙක් වෙන්න මෙම වෙබ් අඩවිය ඔබට රුකුලක් වේවි

    Treehouse  – මෙම වෙබ් අඩවිය හරහා HTML, CSS, iPhone යෙදවුම් නිර්මාණය පිළිබඳව ඔබට දැනුම ලබා ගන්න පුළුවන්

    One Month  – දුරකථන යෙදවුම් (App) හා වෙබ් යෙදවුම් ( Web Application) නිර්මාණය පිළිබඳව ඔබට මෙමගින් මාසයක් තුල ඉගෙන ගන්න හැකියාව තියෙනවා.

    Dash  – මෙම වෙබ් අඩවිය මගින් වෙබ් අඩවි නිර්මාණය ගෙන ඉගෙන ගැනීමේ හැකියාවක් පවතිනවා.

    Data එක්ක වැඩ කරන්න ඉගෙන ගන්න

    DataCamp  – දත්ත විශ්ලේෂණයට හා පරිඝනක භාෂා වලට අදාලව මේ වෙබ් අඩවියෙන් ඔබට තොරතුරු ලබා ගත හැකි වෙනවා

    DataQuest – ඔබේ වෙබ් බ්‍රවුසරයෙන්ම ඔබට දත්ත විශ්ලේෂණය ඉගෙන ගන්න හැකියාව ලැබෙනවා.

    DataMonkey – ඔබගේ දත්ත විශ්ලේෂණ දැනුම සරලව, විනෝදාත්මකව මේ මගින් වැඩි කර ගන්න පුළුවන්.

    භාෂාවක් අලුතෙන්ම ඉගෙන ගනිමු ද ?

    Duolingo – මෙම වෙබ් අඩවිය මගින් ඔබට නොමිලේම භාෂාවක් ඉගෙන ගන්න පුළුවන්

    Lingvist  – පැය 200කින් භාෂාවක් මේ හරහා ඔබට අධ්‍යනය කර නිමා කරන්න පුළුවන්

    Busuu  – මෙම වෙබ් අඩවිය සැලකෙන්නේ නොමිලේ භාෂාවන් උගන්වන සමුහයක් ලෙසයි

    Memrise  – ඔබගේ භාෂාවක වචන මාලාව දියුණු කර ගැනීමට මෙය උපකාර කරගත හැකි වෙනවා.

    දැනුම වැඩි කරගන්න හොදම වෙබ් අඩවි කිහිපයක්

    TED-Ed – විශාල පරාසයක පැතිරුණු අධ්‍යාපනික වීඩියෝ මෙමගින් ඔබට නැරඹිය හැකියි.

    Khan Academy – පුළුල් පාරාසයක දැනුම ගවේෂණය කරන යට මෙය ඉතා වැදගත් එකක් වේවි

    Guides.co – අන්තර්ජාලයේ විශාලම අත්පොත් ඇති වෙබ් අඩවි අතරින් එකක් ලෙස මෙය සැලකෙනවා.

    Squareknot  – පියවරෙන් – පියවරට දැනුම සොයා යන්න මේ වෙබ් අඩවිය වැදගත් එකක් වේවි

    Learnist  – සැළකෙන්නේ නිවැරදි දැනුම බෙදීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලුන වෙබ් අඩවියක් ලෙසයි. එමෙන්ම එහි පාඩම් මාලා මුද්‍රිත හා වීඩියෝ යන අංශ දෙකෙන්ම ඔබට ලබා ගැනීමේ හැකියාව පවතිනවා

    Prismatic  – සමාජ උපදේශනය පිලිබඳව වැදගත් තොරතුරු රාශියක් මෙහි අන්තර්ගත වෙනවා

    ඒ වගේම මේ වෙබ් අඩවි ටිකත් ඔයාලට වැදගත් වේවි

    Chesscademy  – චෙස් සෙල්ලම් කරන්න ආස අයට නොමිලේම චෙස් ඉගෙන ගන්න පුළුවන්

    Pianu  – පියානෝ වාදනය ඉගෙන ගන්න අලුත් විදියක් විදියට මේක සලකන්න පුළුවන්

    Yousician – තනිවම ගිටාර් වාදනය ඉගෙන ගන්න මේ වෙබ් අඩවිය වැදගත් වෙනවා.

    ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න. ඔබට සුභ දවසක්!
    උපුටාගන්නා ලද්දකි . අඩවිය.==>http://www.adadawasa.com
     
    #1
  2. Induwara Uthsara

    Induwara Uthsara නැගී එන සාමාජික

    Messages:
    180
    Likes Received:
    88
    elama bro.. :D
     
    #2

Share This Page