1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

TUTORIAL මොකක්ද මේ Torrent කියන්නෙ

Discussion in 'TV Series / Movies / Games Torrents' started by Alex, Jun 13, 2017.

  1. Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    132
    Likes Received:
    119
    ඔන්න අදත් ආව කට්ටිය දැනගෙන ඉන්න ඕනෙ කියල හිතුන මාතෘකාවක් ගැන විස්තරයක් අරන්.ඒ තමා Torrent ගැන ;);).ගොඩක් අය torrent file download කරාට දන්නෙ නෑ කොහොමද මේ torrent file වැඩ කරන්නෙ කියල.පොඩි එකෙක් උබලගෙන් ඇහුවොත් මොනාද අයියෙ මේ ටොරන්ට් ෆයිල් කියන්නෙ කියල මේ Forum එකේ කොල්ලෙක් විදිහට ඒකට හරියට උත්තර දෙන්න බැරිනම් චාටර්නෙ බන් :D:D.ඔන්න එහෙනම් නොදන්න උන් අහගනිල්ල දන්න උන් වැරදි එහෙම තියෙයිනම් පෙන්නල දෙන්න හොදේ :rolleyes:.

    කෙටියෙන් කිව්වොත් ටොරන්ට් වලින් කරන්නෙ අන්තර්ජාලයෙන් දත්ත Download කිරීම නෙමෙයි. අන්තර්ජාලය හරහා වෙනත් කෙනෙක්ගෙ පරිගණකයක තියන දත්ත ලබාගන්න එකටයි.ටොරන්ට් එකක් වැඩ කරන්න ඕන කරන Components ඒ කිව්වෙ සංරචක කිහිපයක් තියනව.ඒ තමා Torrent File, Torrent Client, Tracker , Seeder.අපි දැන් බලමු මේව මොනාද කියල.

    01. Torrent File

    Torrent File එක තමා අපිට Internet එකෙන් Download කරන්න ඕන කරන දත්ත අඩංගු document එක.

    02. Torrent Client

    මේ කියන්නෙ අපි ටොරන්ට් download කරන Software ගැන.මේවාගෙන් කරන්නෙ අපි download කරෞ ටොරන්ට් ෆයිල් එකට අදාල තොරතුරු වලට අනුව අදාල දත්ත අඩංගු document එක අපේ පරිගණකයට download කරල දෙන එක.
    උදාහරණ විදිහට μTorrent , BitTorrent කියන software ගන්න පුලුවන්.ඔය software වල latest version download කරන්න පහල ලින්ක් වලට යන්න...

    • μTorrent- https://utorrent.en.softonic.com/download

    • BitTorrent- https://bittorrent.en.softonic.com/download


    03. Tracker

    මුලින් කිව්ව මතකනෙ ටොරන්ට් වලින් කරන්නෙ වෙන පරිගණකයක තියන ෆයිල් එකක් තමා අපි ගන්නෙ කියල.මේ Tracker වලින් කරන්නෙ ටොරන්ට් වලින් download කරන අයට ඕන කරන ෆයිල් තියන පරිගණක හොයල දෙන එකයි.

    04. Seeds

    ඔය නමින් හදුන්වන්නෙ අපි ටොරන්ට් එක download කරන වෙලාව internet එකට සම්බන්ධ අපිට ඕන කරන ෆයිල් තියන පරිගණක ගණන.

    දැන් බලමු කොහොමද මේව එකිනෙක සම්බන්ධ වෙන්නෙ කියල.

    එක පුද්ගලයෙක් ( X කියල ගමු ) එයාගෙ computer එකේ තියන ෆිල්ම් එකක් Torrent file එකක් විදිහට හදල internet එකට දානව. එතකොට Y කියල කෙනෙක් μTorrent වගේ Torrent Client එකක් පාවිච්චි කරල ඒ ෆිල්ම් එක download කරගන්නව.එතකොට එයා ඒ ෆිල්ම් එක ගන්නෙ අර X ගෙ computer එකෙන්. මොකද X කියන කෙනා නෙට් එකට දැම්මෙ torrent විදිහට හදපු ෆයිල් එක මිසක් ෆිල්ම් එක නෙමෙයිනෙ. Y ට ඒ ෆිල්ම් එක ගන්න ඕන කරන Xගෙ පරිගණකය හොයල දෙන්නෙ Tracker වලින්.මුලින්ම X, torrent file එක අප්ලෝඩ් කරාට පස්සෙ ඒ ෆිල්ම් එකට Seed 1 ක් තියනව මොකද ඒ ෆිල්ම් එක X ගෙ මැශින් එකේ තියන හන්ද.Yත් ඒක ඩවුන්ලෝඩ් කරාට පස්සෙ Seed 2 යි.ඔහොම ඔහොම කට්ටිය ඩවුන්ලෝඩ් කරද්දි Seeders වැඩිවෙනව.එතකොට ගොඩක් අයගෙ මැශින් වල ඒ ෆිල්ම් එක තියන හන්ද පොඩි කොටස් විදිහට ඉක්මනින් අපිට ඒ ෆිල්ම් එක ගන්න පුලුවන්.ටොරන්ට් වල ප්‍රධානම වාසිය තමා ඩවුන්ලෝඩ් වෙන අතරතුර Connection lost උනොත් හරි computer එකට මොනාහරි උනොත් හරි ඒ වෙනකල් ඩවුන්ලෝඩ් උන ටික සුරැකිව තියන එක එක්කම කැමති වෙලාවක ඉතුරු ටික ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් වෙන එක.

    ඔන්න ඕක තමා අද කට්ටියට කියල දුන්නෙ.පෝස්ට් එකේ හොද නරකත් කියාගෙන යමල්ලා.එහෙනම් තවත් පෝස්ට් එකකින් ආපහු හම්බෙමු.ජයවේවා කට්ටියටම ;)

    #AS
     
    #1
    SPEED, UKBoy001 and Shadow like this.
  2. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    Elama
     
    #2
    Alex likes this.
  3. Hydr4

    Hydr4 නැගී එන සාමාජික
    Gold Member

    Messages:
    142
    Likes Received:
    160
    අට්ටටම පට්ට වටිනා පොස්ට් එකක් අපේ උන් ටොරන්ට් වලින් බවට ටොර්රන්ට කියන්නේමොකද කියලදන්නේ නැ
     
    #3
    Alex and Shadow like this.
  4. Thread Starter
    Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    132
    Likes Received:
    119
    එලම බන් තෑන්ක්ස්
     
    #4
  5. k@vi

    k@vi සාමාජික

    Messages:
    33
    Likes Received:
    29
    සිරාම මචං.. ටොරන්ට් ගැන නියම පැහැදිලි කිරීමක්.. !!! පට්ට අෑ
     
    #5
    Alex likes this.
  6. Thread Starter
    Alex

    Alex නැගී එන සාමාජික

    Messages:
    132
    Likes Received:
    119
    තෑන්ක්ස් මචෝ ;);)
     
    #6

Share This Page