1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

ශ්‍රී Mafia | Rules and Regulations

Discussion in 'Welcome To ශ්‍රී Mafia' started by Viper, Oct 9, 2016.

  1. Viper

    Viper Administrator
    Staff Member Gold Member

    Likes:
    85
    Comments:
    97
    Trophies:
    18
    [​IMG]
    නීති රීති

    අප ෆෝරමයෙහි ලියාපදිංචි වීමේදී අනුමත Email සේවා ලිපිනයක් පමණක් භාවිතා කළ යුතුය. අනුමත Email සේවාවන් වන්නේ.
    1. Gmail

    2. Yahoo

    3. Hotmail
    වෙනත් email ලිපිනයන්ගෙන් ලියාපදිංචිය තහනම් වෙන් උද:-mail.com

    අප ෆෝරමයෙහි එක් සාමාජිකයෙකුට පැවතිය හැක්කේ එක් ගිණුමක් වන අතර ගිණුම් කිහිපයක් පවත්වාගන්නා සාමාජිකයන් ඔවුන්ගේ සත්‍ය ගිණුමද සමඟ පෙර දැනුම් දීමකින් තොරව ඉවත් කරනු ලැබේ.

    අප ෆෝරමයෙහි ලියාපදිංචි වීමේ දී යොදන User Name එක තුල කිසිඳු අයුරකින් අසභ්‍ය වචන අන්තර්ගත විය නොහැක. එසේ User Name එක තුල අසභ්‍ය වචන අන්තර්ගත වන ගිණුම්ද පෙර දැනුම් දීමකින් තොරව ඉවත් කරනු ලැබේ.

    අප ෆෝරමයෙහි ලියාපදිංචි සාමාජිකයන්ගේ ගිණුම්වල මුරපද ඇඩ්මින්වරුන්ට පවා නැරඹීමට නොහැක. එම නිසා තමන්ගේ ගිණුමේ ආරක්ෂාව පිළිබඳව තමන් වගකීම ගතයුතු අතර අනෙකුත් Facebook හෝ Email හෝ වෙනත් එවැනි ගිණුම් සඳහා යොදා ඇති මුරපද මෙහිදී භාවිතා කිරීමේ දී සැලකිලිමත් වන්න.

    අප ෆෝරමය තුල වෙනත් කිසිඳු ෆෝරමයක Link හෝ URL හෝ වෙනත් ෆෝරමයක් සඳහා වන ආරාධනා හෝ වෙනත් ෆෝරමයක් පිළිබඳව තොරතුරු දක්වා පළකරන ලිපි හෝ පළ කිරීම කුමන හෝ තත්ත්වයක් යටතේදී පවා සපුරා තහනම් වන අතර ඉහත සඳහන් වෙනත් ෆෝරම් පිළිබඳ තොරතුරු Signature එක ලෙස හෝ යොදා ගැනීමද කුමන හෝ තත්ත්වයක් යටතේදී පවා සපුරා තහනම් වේ. මෙම නීතිය නොපිළිපදින සාමාජිකයන් තරා තිරම නොබලා ඉවත් කරනු ලැබේ.

    අප ෆෝරමය තුල අනවශ්‍ය ලෙස ප්‍රචාරාත්මක ලිපි හෝ පණිවිඩ හෝ Spam ලිපි හෝ Spam පණිවිඩ හෝ පළකිරීමද කුමන හෝ තත්ත්වයක් යටතේදී පවා සපුරා තහනම් වේ. මෙම නීතිය නොපිළිපදින සාමාජිකයන්ද තරා තිරම නොබලා ඉවත් කරනු ලැබේ.

    අප ෆෝරමය තුල නව සාකච්ඡාවක් හෝ ගැටළුවක් ආරම්භ කිරීමේ දී හෝ ඉදිරිපත් කිරීමේදී හෝ පළකිරීමේදී උචිත Categoryයේ පළකිරීම මෙන්ම එම ලිපිය සඳහා උචිත මාතෘකාවක්ද යෙදීම අනිවාර්යය වේ. එමෙන්ම වීඩියෝ පළ කිරීමේදී වීඩියෝ පහක් හෝ පහකට අඩුගණනක් පවතින අවස්ථා වලදී එම වීඩියෝ, ලිපියේ දර්ශනය වන ලෙස පළ කළයුතුය.

    අප ෆෝරමයේ මුදල් ඉපයීමේ මාර්ග සහ වෙබ්අඩවි පිළිබද ලිපි පලකිරීමේදී Payment Proof ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු අතර එසේ Payment Proof ඉදිරිපත් නොකර ලිපි ඉවත්කර දමනු ලැබේ.

    අප ෆෝරමය තුල වෙනත් වෙබ් අඩවි වලින් උපුටා ගත් දෙයක් පළකිරීමේ දී එම ලිපියෙහි වගකීම පළ කරන්නා සතුවන අතර එමඟින් ඇතිවන ගැටළු වලදී ශ්‍රී මාෆියා ෆෝරමය කිසිඳු වගවීමක් හෝ වගකීමක් නොදරයි. මෙහිදී උපුටා ගැනීම සිදුකරන ලද වෙබ් අඩවියෙහි Link හෝ URL ඇතුලත් කිරීම අනිවාර්යය නොවේ. නමුදු එසේ ඇතුලත් කරන්නේ නම් එය අපගේ නීතිරීති වලට පටහැනි නොවන බවට වග බලාගන්න.

    අප ෆෝරමය තුළ වෙනත් පුද්ගලයෙකුට හෝ ආයතනයකට හෝ ආගමකට හෝ යම් එවැනි දෙයකට කුමන හෝ තත්ත්වයක් යටතේදී පවා කිසිඳු අයුරකින් අපහාස කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

    අප ෆෝරමය තුල සිටින සියළුම සාමාජිකයන් එක්ව සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර තමන්ගේ අදහස් දැක්වීමට හා අදහස් විවේචනය කිරීමට අවසර ඇති නමුදු පිල්වලට බෙදී අපහාස කරගැනීම හෝ අසභ්‍ය වචන භාවිතය දඬුවම් ලැබිය හැකි වරදකි.

    අප ෆෝරමය තුල සිටිනා කාර්යය මණ්ඩලයේ සාමාජිකයන් හට නිසි ගෞරවය දැක්විය යුතු අතර නිතරම ඔවුන්ගේ උපදෙස් අනුව ක්‍රියා කළ යුතුය.

    අප ෆෝරමය තුල Signature පහසුකම ලබාදී ඇති නමුදු එය භාවිතා කිරීමේ දී අපගේ නීතිරීති වලට පටහැනි නොවන ආකාරයට භාවිතා කරන්න. එමෙන්ම Signature සඳහා Image දෙකක් පමණක් භාවිතා කළහැකි අතර ඒ සඳහා අනවශ්‍ය ලෙස විශාල Image යොදාගැනීම නොකළ යුතුය.

    අප ෆෝරමය තුල ඔබගේ රහස්‍ය තොරතුරු හුවමාරු කරගැනීමේ දී ප්‍රවේශම් වන්න. එසේ හුවමාරු කරගන්නේ නම් එහි වගකීම ඔබ සතුවන අතර එසේ හුවමාරු කරගැනීමේ දී ඇතිවන ගැටළු වලදී ශ්‍රී මාෆියා ෆෝරමය කිසිඳු වගවීමක් හෝ වගකීමක් නොදරයි.

    කුමන තරාතිරමක අයෙක් හෝ ඉහත සඳහන් නීතිරීති කඩකර ඇත්නම් වහාම ඇඩ්මින්වරයෙකුට හෝ කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට ඒ පිළිබඳව දන්වන්න. එසේ ඇඩ්මින්වරයෙකුට හෝ කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකු දැනුවත් නොකිරීමෙන් ඔබත් එම වරදට අනුබල දීමක් සිදුකරනු ඇත.

    කුමන හෝ තත්ත්වයක් යටතේදී පවා හෝ ඉහත සඳහන් නීතිරීති කඩකිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එමෙන්ම යම් කිසි සිදුවීමක් පිළිබඳව අවසාන තීරණය ඇඩ්මින්වරුන්ගේ තීරණයයි. එම තීරණයට බාධා කිරීමද දඬුවම් ලැබිය හැකි වරදකි.
    (සැ.යු. - නීතිය නොදැන සිටීම නිදහසට කාරනයක් නොවන අතර මෙම නීතිරීති සංග්‍රහය ඕනෑම මොහොතක කුමන හෝ තත්ත්වයක් යටතේදී පවා වෙනස් විය හැක.)
     
    #1
    Last edited: Nov 14, 2016
  2. DarkDrg

    DarkDrg සාමාජික

    Likes:
    55
    Comments:
    56
    Trophies:
    18
    එළකිරි.. අනිවරෙන්ම නීති රීති තියෙන්න ඕනේ නැත්නම් අමාරුයි වැඩේ ඇදගෙන යන්න
     
    #2
  3. Elite_x

    Elite_x Moderator
    Staff Member Gold Member

    Likes:
    97
    Comments:
    98
    Trophies:
    18
    ela. hebei yakadaya 1 rules tika a vidihatama thiyenne.
     
    #3
    Shadow and DarkDrg like this.
  4. DarkDrg

    DarkDrg සාමාජික

    Likes:
    55
    Comments:
    56
    Trophies:
    18
    ඔව් .. ඒ උනාට අවුලක් නැ... නීති කොහටත් නීති නේ බන්
     
    #4
    Hydr4 likes this.
  5. Hydr4

    Hydr4 නැගී එන සාමාජික
    Gold Member

    Likes:
    160
    Comments:
    142
    Trophies:
    43
    එක ඇත්ත...
     
    #5
  6. #Shap_Manasick

    #Shap_Manasick සාමාජික
    Gold Member

    Likes:
    92
    Comments:
    74
    Trophies:
    18
    එල එල මචංලා ඇදගෙන යමු වැඩේ...
     
    #6
  7. DynamicAVI

    DynamicAVI සාමාජික

    Likes:
    10
    Comments:
    39
    Trophies:
    8
    .....හොද නීති රීති ටිකක් තියෙන්නේ ..... :)
     
    #7
  8. Damith_Chandz

    Damith_Chandz නවක සාමාජික

    Likes:
    7
    Comments:
    10
    Trophies:
    3
    නියමයි නීති රීති ටික නම් හොදයි
     
    #8
  9. ClewzJ

    ClewzJ නවක සාමාජික

    Likes:
    6
    Comments:
    9
    Trophies:
    3
    හේ හොද නීතී ටිකක් තියෙන්නේහ්
     
    #9
  10. Madura

    Madura නවක සාමාජික

    Likes:
    1
    Comments:
    2
    Trophies:
    3
    නියමයි
     
    #10
  11. Alex

    Alex නැගී එන සාමාජික

    Likes:
    120
    Comments:
    133
    Trophies:
    43
    එල එල නීති නැත්තම් ප්‍රශ්න වැඩී
     
    #11
  12. Z4n53r.P4Yn3.[79].K41!

    Z4n53r.P4Yn3.[79].K41! නවක සාමාජික

    Likes:
    11
    Comments:
    16
    Trophies:
    3
  13. tharuka gayashan

    tharuka gayashan නවක සාමාජික

    Likes:
    1
    Comments:
    1
    Trophies:
    1
    හරි හරි​
     
    #13
    R00t_Kr15H likes this.

Share This Page