1. සමාවන්න. වෙබ් අඩවි‍යේ ඇති ලිපි බැලීමට හැකියාව ඇත්තේ සාමාජිකයන්ට පමණි. එබැවින් මෙතන ක්ලික් කර සාමාජිකත්වය ලබාගන්න. ගිණුමක් සාදන ආකාරය දැන ගැනීමට මෙතන ක්ලික් කරන්න.
  2. තම ෆේස්බුක් ගිණුම හරහා ෆෝරමයේ ලියාපදිංචිය සිදු කර ගත් අය හට ෆෝරමයට ලොග් විය නොහැකි බව ආරංචි විය. ඔබටත් එසේ සිදූ වී ඇත්නම් ඇත්නම් Forget password යන්න භාවිතා කර අලුත් password එකක් සාදාගෙන ලොග් වන්න. ගැටලුවක් පවතී නම් rulemax567@gmail.com වෙත email එකක් එවන්න.
    Dismiss Notice
Dismiss Notice
ආයුබෝවන් Guest ඔබ කැමතිද අපගේ Security Services එක සමග එකතු වී වැඩ කරන්න එසේනම් මෙතනින් එන්න

ANNOUNCEMENT [Free] ශ්‍රී Mafia | Gold Membership

Discussion in 'Announcements' started by Shadow, Nov 14, 2017 at 8:00 PM.

Thread Status:
Not open for further replies.
  1. Shadow

    Shadow Administrator
    Staff Member Gold Member

    Messages:
    473
    Likes Received:
    350
    [​IMG]
    -- Gold Membership --

    කලකට පෙර ශ්‍රී Mafia ෆෝරමය තුළ සාමාජිකයන් හට VIP Membership ලබා දෙනු ලැබුවා. එය යම් කිසි මුදලක් ලබාදී ගැනීමට තිබූ දෙයක් වුවත් අප එම VIP Membership එක හදුන්වා දෙනු ලැබුවේ මුදල් ඉපයීමේ බලාපොරොත්තුවකින් නොවේ.


    ( අනිවා දැන් උබලා හිතාවි මූ මේ මෙහෙම කියන්නේ කවුරුත් ඕක ගත්තේ නෑ නිසා වෙන්නැති කියලා. ඒ අයට කියන්න තියෙන්නේ ඔය රුපියල් පන්සසීයක් දාහක් වගේ ගානක් Members ලගෙන් ගන්න මෙහෙම Xenforo වගේ ස්ක්‍රිප්ට් එකකින් සයිට් එකක් ගහවිද අපි ? අනික නිකම්ම Script එක නෙවෙයි. තව Addons වලට වගේම තව වියදම් ගියා මේ ෆෝරම් එකට. ඉතින් මේ රුපියල් පන්සීයකට අපි නාහෙන් අඩාවිද ? :eek: සා වෑව් :p)


    ඉතින් දැන් ඒ VIP Membership එක Gold Membership ලෙස වෙනස් කිරීමට අප යොමු වුනා.


    මෙම Gold Membership එක සම්පූර්ණයෙන්ම නොමිලේ. නමුත් මේක දෙන්නෙ ෆෝරමයට වටිනා සාමාජිකයට පමණි.


    ෆෝරමය වෙනුවෙන් අධ්‍යාපනික ලිපි පළ කරමින්, සාමාජිකයන් ගැටලු ලෙස ආරම්භ කර ඇති ත්‍රෙඩ් වලට උදව් කරමින් ෆෝරමයේ ක්‍රියාකාරි සාමාජිකයන් වෙත මෙම Gold Membership එක පිරිනැමීමට අප සූදානම්.


    සාමාන්‍ය සාමාජිකයෙකු හා මෙම Gold Membership එක අතර ඇති වෙනස්කම් මෙහෙමයි.

    #1. ත්‍රෙඩ් එකක් තුළ හෝ පෝස්ට් එකකට තවත් අයෙක් mention කිරීමට ඇවැසි නම් සාමාන්‍ය සාමාජිකයෙකු හට එලෙස පස් දෙනෙකු එක ව්අර Mention කල හැකි අතර Gold සාමාජිකයෙකුව ඇවැසි තරම් mention කල හැක.

    #2. සාමාන්‍ය සාමාජිකයෙකුගේ custom title එක නවක සාමාජික, සාමාජික, නැගී එන සාමාජික, ක්‍රියාකාරී සාමාජික, සුප්‍රකට සාමාජික, සුප්‍රකට සාමාජික ලෙසින් ක්‍රමයෙන් වෙනස් වන අතර Gold සාමාජිකයෙකුට තමන් කැමති custom user title එකක් භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

    #3. සාමාන්‍ය සාමාජිකයෙකු විසින් පල කරන ලද කමෙන්ට් එකක් ඔහු හට ඔහු විසින්ම Delete කල නොහැකි අතර, Edit කල හැක්කේද කමෙන්ටුව පළ කර මිනිත්තු 20ක් ඇතුළතය. නමුත් Gold සාමාජිකයෙකු හට විසින් පල කරන ලද කමෙන්ට් එකක් ඔහු විසින්ම Delete කල හැකි අතර, කමෙන්ට් එකක් ඕනම අවස්ථාවකදී Edit කල හැක.

    #4. සාමාන්‍ය සාමාජිකයෙකු හට ඔහු විසින් ආරම්භ කරන ලද Thread එකක් Delete කල නොහැකි අතර Gold සාමාජිකයෙකු හට එම අවස්ථාව හිමිය. නමුත් වෙනත් අයගේ thread delete කල නොහැකිය.

    #5. සාමාන්‍ය සාමාජිකයන් හට මින් ඉදිරියට Signature පහසුකම නොලැබේ. එම පහසුකම Gold හෝ ඊට ඉහල තත්වයේ Users ලට පමණක් හිමිය.


    ඉදිරියේදී තවත් පහසුකම් Gold සාමාජිකයන් හට ලැබෙනු ඇත.

    (මට නිකන් මදියි මදියි වගේ මේ Option ටික)

    සුභ අනාගතයක් !
    #Shadow
    #SriMafia
     
    #1
    Alex and Booba like this.
Thread Status:
Not open for further replies.

Share This Page